අක්ෂා අදත් රහස් පොලීසියට
නිරූපණ හා රංගන ශිල්පිනි ආක්ෂා සුදාරි සිදු කළ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයව කැඳවා ප්‍රශ්න කර තිබුණි.
ඇය ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 150 ක මුදලක් ඉල්ලාගෙන එම මුදල් නැවත ඔහුට නොගෙවා ඇති බවත් ඇය ඔහුව මගහරින බවත් දක්වමින් එම ව්‍යාපාරිකයා සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.
ඊයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ඇය පෙරවරු 10 සිට සවස 3 දක්වා පැය 5 කට ආසන්න වේලාවක් මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ. අනතුරුව ඇයට නැවත අද (9) ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට එහි ඉතිරි ප්‍රශ්න කිරීම් වලට පැමිණෙන ලෙසද දන්වා ඇතැයි පොලිසිය සඳහන් කර ඇත.
නෙත් නිව්ස් වාර්තා කරන පරිදි අක්ෂා සුදාරි ට එරෙහිව මෙම පැමිණිල්ල කළ තැනැත්තා පනස් හැවිරිදි කෝටිපති ඉන්දියානු ව්‍යාපාරිකයෙකි. ඔහු විදෙස් රටක තෙල් සංස්ථාවක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නෙක් බව සඳහන්.
කලක් අක්ෂා සුදාරි ඔහුගේ පෙම්වතිය ලෙස සිට ඇති අතර එම කාලයේ ඔහු විසින් අක්ෂා සුදාරි වෙත මිලියන ගණනින් මුදල් වියදම් කොට තිබේ. ඉන්දියාව ඇතුළු වෙනත් රට සවාරි වලදීද අක්ෂා වෙනුවෙන් ඔහු මුදල් වියදම් කොට ඇති අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ල දමා ඇත්තේ ලංකාවේදී ඇය වෙත ලබාදුන් මුදල් ප්‍රමාණය පමණක් සැලකිල්ලට ගෙන බව එහි වැඩි දුරටත් දැක්වේ.
මින් වසරකට පමණ ඉහතදී නුගේගොඩ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකදී තවත් ටෙලි නිළියක හා කෙහෙවළු පටලවා ගැනීමේ සිද්ධියක් නිසා අක්ෂා ප්‍රකටවූ අතර ඒ වෙනුවෙන් පැවති නඩු විභාගයටද ඇය පසුව පෙනී සිටියා.
පෙර පළවූ පුවත පහතින්…
මුදල් වංචාවක් සම්බන්ධයෙන් අක්ෂා රහස් පොලීසියට