අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

null

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු එකට පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ගැන ජිනීවා මානව හිමිකම් ‍කොමිසම ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

අගමැතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය පස්වරු 2 ට සිදුකරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි සඳහන් කරයි.

මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් පැතිර ඇති අසත්‍ය වාර්තා පැහැදිලි කිරීම සඳහා අද දිනයේ මෙසේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව සඳුදා (21) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත.

නව අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට රැස්වන්නේ අදය.

විපක්ෂයේ ආසන පිරිනැමීමේ දී පළමු පෙළ ආසන වලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 12ක්, දෙමළ ජාතික සන්ධානයට ආසන 6ක් සහ ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් පිරිනැමීමට යෝජනා වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ට මෙන්ම විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ට සන්ධානය නියෝජනය කරමින් විපක්ෂයේ පළමු පෙළ ආසන පිරිනමා ඇති බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>