අගමැතිගේ ඉන්දීය සංචාරය අද
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ඉන්දිය සංචාරය අද ආරම්භ වේ.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු විදේශ සංචාරය මෙය වන අතර අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පළමුව ඉන්දියාවේ සංචාරය කිරීම රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන පිළිවෙතක් බව ද සඳහන්ය.
සිය සංචාරය තුළ දී රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුකර්ජි, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ඇතුළු එරට රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් කලාපීය සාමය හා සංහිඳියාව තහවුරු කරලීම පිළිබඳවද මේ සංචාරයේදී අවධානය යොමුකිරීමට දෙරටේ නායකයෝ අපේක්ෂා කරති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදිනක් ඉන්දියාවේ රැඳී සිටිමට නියමිත ය.
මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් දෙරට අතර හොඳහිත හා මිත්‍රත්වය ප්‍රකට කරලීමේ සංකේතයක් ලෙස මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු මානුෂීය හේතූන් මත නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.