අගමැතිගේ ප්‍රකාශයට තමිල්නාඩු විරෝධය

null

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමට පැමිණීම හේතුවෙන් වෙඩි තැබීමට හේතු වුවහොත් ශ්‍රී ලංකා නාවික හමුදාවට මානව හිම් කම් චෝදනා එල්ල විය යුතු නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණ.

ඒ දකුණු ඉන්දීය රූපවාහිනී ආයතනයක් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. අග්‍රාමාත්‍යවරයා කල මෙම ප්‍රකාශයට ඉන්දීය මාධ්‍ය ඔස්සේ මුල් තැනක් ලබා දී තිබුණි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා කල මෙම ප්‍රකාශයට දකුණු ඉන්දීය දේශපාලකයෝ සහ ධීවරයෝ සිය කනස්සල්ල සහ විරෝධය පල කර තිබේ.

ශ්‍රී ලංකා අගමැතිවරයා එවැනි තදබල ප්‍රකාශයක් කිරීම අනුමත කළ නොහැකි බවත්, සිදු කළ යුත්තේ එම ධීවරයන්ට ආරක්ෂාව සැපයිම බවත් දකුණු ඉන්දීය දේශපාලකයන් පවසා ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයද් අක්බරුදීන් සඳහන් කර ඇත්තේ මේ ප්‍රශ්නය සාමකාමීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට හැකියාව ඇති බවයි.

පෙර පළවූ පුවත පහතින්…

සීමා උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම වරදක් නොවේ

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>