අගමැතිට එරෙහිව මන්ත්‍රීවරු පිරිසක් විරෝධයේ

null

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ඊයේ (23) පාර්ලිමේන්තු පිවිසුම අසලදී විරෝධතාවක නිරත වී තිබේ.

ඔවුන් මුදල් රෙගුලාසි 06 ක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය වර්ජනය කළේ එම මුදල් රෙගුලාසිවලට සහ අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.

ඒ අනුව නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ එම අවස්ථාවේදී රැඳී සිටි සරත් අමුණුගම හැර අනෙකුත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ සන්ධාන මන්ත්‍රීවරුන් 40ක් පමණ සභා ගර්භයෙන් පිටව ගොස් ඇත.

මෙහිදී මුදල් පනතක් ස්ථාවර නියෝගවලට පටහැනිව ඉදිරිපත් කිරීමත් යන කරුණු මුල් කරගනිමින් විරෝධයේ නිරත වෙන බව වාසුදේව නානයක්කාර මහතා පවසා ඇත.

කෙසේවෙතත් අගමැතිවරයා සත්තුන්ගේ නම් භාවිතා කරමින් සිදු කරන කතා මාලාව මීළඟ දවසේ ඉවත් නොකර ගතහොත් සභාව තුළ මීටත් වඩා විරෝධයේ නිරත වෙන බවද දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>