06 Jun 2015
අගමැතිට එරෙහි විශ්වාසභංගය භාරදෙයි – එල්ලවී ඇති චෝදනා මෙන්න
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ඊයේ (05) පස්වරුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට බාරදී තිබේ.
චෝදනා 08කින් යුත් මෙම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 112 දෙනෙකු අත්සන් තබා ඇති බව සඳහන්. ඔහුට එරෙහිව ඇති චෝදනා 8 පහතින්…
01. බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහයක් නොමැතිව අගමැති ධුරයේ කටයුතු කිරීම
02. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම
03. ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපාය මාර්ග අහිමි කිරීම
04. දේශපාලන පළිගැනීම් සඳහා සහ බියවැද්දීම සඳහා පොලිසිය බරපතළ ලෙස දේශපාලනීකරණය කිරීම
05. අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යැම
06. තේ, රබර් සහ වී සඳහා රජයේ සහතික මිල ලබා නොදීම
07. ශ්‍රී ලංකා පුරවැසියකු නොවන අයකු මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීම
08. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම