අගමැති පත්කරන හැටි ජනපති පහදයි

null

දේශපාලන පක්ෂ විවිධ මත පළ කළද අගමැති ධුරය සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේ සම්පුර්ණ හැකියාව ඇත්තේ රටේ ජනතාවට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (13) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සම්මේලනයට ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වන අගමැති ධූරය පිළිබඳව හෙතෙම එහිදී මෙසේ අදහස් පළකර තිබේ.

“මේ මැතිවරණ ගැන කතා කරන විට අගමැති ධූරය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කතා කරනවා එක්සත් ජාතික පක්ෂයත් කතා කරනවා, අනෙක් දේශපාලන පක්ෂත් කතා කරනවා. මේ රටේ අද තිබෙන දේශපාලන ක්‍රමයත් එක්ක මේ රටේ අගමැති ධූරය පිළිබඳව සම්පූර්ණ තීරණය ගැනීමේ හැකියාව ඇත්තේ ජනතාවටයි.”

එමෙන්ම මැතිවරණ පැමිණෙන තුරු බලා නොසිට ගමේ ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බලා ඒවා ඉටු කිරීමට මහජන නියෝජියින් කැපවිය යුතු බවද ජනාධිපති අවධාරණය කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>