28 Jun 2015
අගමැති පුටුවට තරඟ කරන ලෙස රනිල් මහින්දගෙන් ඉල්ලයි
ඉදිරි මහමැතිවරණයට අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අද ආරාධනාවක් සිදුකර තිබේ.
දඹුල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක හමුවක් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත.
මැතිවරණයට තරඟ කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයට නම් කරන පුද්ගලයින් පිළිබඳව දැනුම්දීමක් සිදුකරන ලෙසද හෙතෙම ඉල්ලා සිටි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මැතිවරණයට බියක් ඇත්නම් ගෙදරට වී සිටින ලෙස තමන් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දෙන බවයි.