15 Sep 2015
අගමැති රනිල් ඉන්දීය අගමැති හමුවෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද ඉන්දියාවේ නවදිල්ලි නුවර දි පැවැත්විය.
මෙහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට ද අත්සන් තබා තිබේ. අදාළ ගිවිසුම් අත්සන් තැබීම සඳහා විදේශ කටයුත අමාත්‍ය මංගල සමරවීර සහ ඉන්දීය රජයේ අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා ද එක්වී තිබේ.
දෙරට අතර අත්සන් තැබුණු පළමු ගිවිසුම වන්නේ සාක් කලාපීය චන්ද්‍රිකා සන්නිවේදන හුවමාරු සහයෝගීතාවයි. ඉන්දියානු අනුග්‍රහයෙන් මෙරට කුඩා කර්මාන්ත සංවර්ධන වැඩසටහන යළි පණ ගැන්වීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ඇදන් 200කින් සමන්විත වව්නියාව දිසා රෝහලට වෛද්‍ය උපකරණ සැපයීම සඳහා මෙන්ම මෙරට හදිසි ගිලන් රථ සේවාවක් ඇති කිරීම සඳහා ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද ගිවිසුම්වලට අත්සන් කර තිබේ.