අගවිනිසුරුගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කරයි

null

ජනාධිපතිවරණය දා රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේ සිට කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ කළායැයි කියන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් රහස් පොලීසිය ඊයේ (23) අගවිනිසුරු මොහාන් පීරිස්ගෙන් ප‍්‍රශ්න කර තිබේ.

එමෙන්ම අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

හමුදා කුමන්ත‍්‍රණයකින්, බලයට පත්වූ රජයට පාලනය භාර නොදීමේ උත්සාහයක් අරලිය ගහ මන්දිරයේ සිට කි‍්‍රයාත්මක වූ බවට රහස් පොලීසියට පැමිණිලි කළේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර විසිනි.

මහජන සාමය, ආපදා කළමනාකරණ සහ කි‍්‍රස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ අගවිනිසුරු මොහාන් පිරීස් මහතාගෙන් ද අදාල කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) ප‍්‍රකාශයක් සටහන් කර ගත් බවයි. හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන් ද මේ සම්න්ධයෙන් ඊයේ (23) ප‍්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>