අගවිනිසුරු ඉවත්වෙන බව අගමැතිට දන්වයි

null

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධුරයට පත්කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගන්නේ දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කල බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය එම තනතුරින් පහකිරීමෙන් පසු මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>