12 Oct 2015
අඟුරුවාතොට සිසුවා මියගිය හේතුව හෙළිවේ
පානදුර, අඟුරුවාතොට ප්‍රදේශයේදී මියගිය පාසල් සිසුවාගේ මරණය ගෙල වැලලාගෙන හුස්ම හිරවීමෙන් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.
පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඒ බව ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
නිවස පිටුපස පිහිටි කජු ගසක එල්ලෙමින් තිබියදී අදාළ දරුවාගේ මළ සිරුර හමුවූයේ ඊයේ උදෑසනයි. මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත බව ඔහුගේ පියා ඊයේ අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම දරුවාගේ තවත් වැඩිමහල් සෙහොයුරියක් මීට වසර 4 කට පෙර ගෙළ වැළලාගෙන මියගිය බවට තොරතුරු අනාවරණ වූ බවයි.