අජිත් – කේ. සුජීවා ආදර කතාව හෙළිවෙයි

null

කලා ලෝකයේ කලා පුවත්වලට වඩා දැන් පාඨකයන්ට කියවන්න ලියන්න වෙලා තියෙන්නේ පෞද්ගලික ජීවිතයේ තොරතුරුනේ. අපි එහෙම කියන්නේ කලාකරුවන්ගේ ජීවිත දවසින් දවස අලුත්වෙන හින්දා. පසුගිය දවසක ගායන ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය දෙදෙනෙකුගේ ජීවිතවලත් එහෙම වෙනසක්‌ වුණා. ඉඟිමරන තරු රෑන කෝ ගීතය ගයන කේ. සුජීවා සහ සුදු අරලිය මල ගීතය ගයන සකුරා රේන්ඡ් කණ්‌ඩායම් නායක අජිත් මුතුකුමාරණ එක වහළක්‌ යටට ආවා. ගායන ක්‍ෂේත්‍රයේ මේ කතාව ගැන හරියට කතාබහ වෙනවා. හැමෝම කතා වෙන මේ කතාව ගැන ඒ දෙපළ අපිට කිව්ව කතාව මෙලෙස පෙළ ගැස්‌සුවා.

කොහොමද සුජීවා?

බොහොම සතුටින් සමගියෙන් ආදරෙන් නිදහසේ ජීවත් වෙනවා.

ජීවිතේ අලුත්වීමද මේ වෙනසට හේතුව?

මීට අවුරුදු තුනකට කලින් ජීවිතේ එක්‌තරා තැනකදි කඩා වැටුණා. දරුවත්a එක්‌ක මම තනිවුණා. ඒ අතීතය වළලා පොළවේ පයගහලා ඉන්න අවංකමින් හා ආදරයෙන් පිරැණු යහපත් මනුස්‌සයෙක්‌ මුණගැහුණා. එයා තමයි අජිත් මුතුකුමාරණ.

මේ සම්බන්දෙට අවුරුද්දක්‌ විතර වෙනවලු නේද?

අපි සෙට්‌ල් වෙලා අවුරුද්දක්‌ විතර වෙනවා.

ඒ කියන්නේ පළමු විවාහයේ නීතිමය ගැටලු විසඳිලා ඉවරද?

ඔව්. කැළුම් සමග නීතියෙන් වෙන්වෙලා අවුරුදු තුනක්‌ විතර වෙනවා. නමුත් අජිත්වත් කැළුම්වත් මමවත් අතර කිසිම තරහක්‌ නැහැ.

දැන් කොහෙද පදිංචිය?

අතුරැගිරියේ.

අජිත් එක්‌ක සාර්ථක ජීවිතයක්‌ ගතකරන්න පුළුවන්ද?

අනිවාර්යෙන්ම. අජිත් මට මුණගැහුනේ අද ඊයේ නෙමෙයි. ඒ වගේමයි එයා මුළු ලෝකයක්‌ හඳුනන චරිතයක්‌. මගේ ජීවිතේ අන්තිම මොහොත දක්‌වාම මේ බැඳීමේ වෙනසක්‌ වෙන්නේ නැහැ.

දුවට කළේ අසාධාරණයක්‌ නේද?

කැළුම් දුව දාලා යද්දි බබාට අවුරුදු තුනහමාරයි. තාත්තා කෙනෙක්‌ගෙන් දරුවෙකුට ලැබිය යුතු යුතුකම් අජිත් ඇවිත් සියයට සියයක්‌ම පිරෙව්වා. ඒක වචනවලින් කියන්න බැහැ. දැන් බබා මට වඩා අජිත්ට තමයි ගොඩක්‌ කිට්‌ටු.

ඔහොම කිව්වට පහුවෙනකොට ඒවා වෙනස්‌වෙන්න බැරි කමකුත් නැහැනේද?

දෛවය සහ ජීවිතේ වෙන දේවල් වෙනස්‌ කරන්න බැහැ කිව්වට මම හැම සිදුවීමක්‌ දිහාම ධනාත්මකව හිතන කෙනෙක්‌. අපි දෙන්නගේ ජීවිsතවලින් දැන් හතරෙන් තුනක්‌ම ගෙවිලා ඉවරයි. අජිත්ගෙන් අද මට ලැබෙන ඒ ගරුත්වය හා ආදරය කවදාවත් අඩුවක්‌ වෙන්නේ නැහැ කියන එක මට විශ්වාසයි.

අජිත් සුජීවට ආදරය කළේ කොයි කාලේ ඉඳලද?

සුජීවා ගායිකාවක්‌ හැටියට අඳුරගෙන නම් වසර ගණනාවක්‌ වෙනවා. නමුත් අපි දෙන්නට දෙන්නා ආදරය කරන්න ගත්තේ නම් මීට අවුරුද්දකට විතර කලින්.

මේ තීරණය හින්දා ඔබට ආදරය කරපු තරැණියෝ දුක්‌වෙයි කියලා හිතුවේ නැද්ද?

මම කවදාවත් පවුල් සංස්‌ථාව තුළ ඉඳලා ප්‍රේක්‍ෂක ජනතාව දිහා බලපු කෙනෙක්‌ නෙමෙයිs. වැළඳ ගැනීම සහ ප්‍රතික්‍ෂේප කිරීම එයාලා සතුයි. මම හිතනවා මේක එයාලා ප්‍රශ්නයක්‌ කරගත යුතු නැහැ කියලා.

සුජීවට හොඳ බිරිඳක්‌ වෙන්න පුළුවන්ද?

අනිවාර්යෙන්ම. මට විශ්වාසයි හොඳ බිරිදක්‌ මට ලැබුණා කියලා.

ඔබේ ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?

මගේ දෙමාපියන් ජීවතුන් අතර නැහැ. අයියා තමයි මගේ පස්‌සෙන් හිටියේ. මේ කටයුත්තෙදිත් එයාලා මගේ ළගින්ම සිටීම මට ශක්‌තියක්‌ වුණා.

මේ තීරණය ගැන ඔබේ මිතුරන් මොකද කිව්වේ?

මිතුරන්ගේ පුද්ගලික ජීවිතවලට මම කවදාවත් එබිලා නැහැ. මම සංගීතය ඉගෙන ගත්තෙත් බොහොම අමාරුවෙන්. එදා දික්‌වැල්ල මගේ ගමේ හිටපු යාළුවෝ කීපදෙනාම තමයිs අදටත් මම ළඟින්ම ඇසුරු කරන්නේ. ඒ සම්බන්ධතා අදටත් ඒ විදහටම තියෙනවා.

ඔබ ගත්ත තීරණය හරි තීරණයක්‌ද?

බොහොම හිතලා මතලා ගත්තු නිවැරදි තීරණයක්‌.

සුජීවා ඔබේ විශ්වාසය කඩකරන එකක්‌ නැතිද?

සුජීවා මට දක්‌වන ගරුත්වය අදත් එදා වගේමයි. ඒ නිසා ඔය ප්‍රශ්නය ගැන මට දෙපාරක්‌ හිතන්න දෙයක්‌ නැහැ.

ලක්‌මිණී අතුකෝරල
ඡායා- සුජාතා ජයරත්න

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>