අඩුපාඩු සෙවීමට ගිය එජාප මන්ත්‍රීවරුන්ට විරෝධතා

01
මේ දිනවල රාජ්‍ය ආයතන වල පවතින අඩුපාඩු සොයා බැලීමට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද දුම්රිය සේවයේ පවතින අඩුපාඩු සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවක නියැලුනා. ඔවුන් පානදුර දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය මූලස්ථානයට පැමිණීමත් සමග එහි ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දුම්රිය වෘත්තිය සමිති සාමාජිකයන් පිරිසක් මන්ත‍්‍රීවරුන්ගේ නිරීක්ෂණ චාරිකාවට විරෝධය පළ කරමින් දුම්රිය මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දැක්වීමත් සමගයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එරාන් වික‍්‍රමරත්න, අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, පී. හැරිසන් සහ හර්ෂ ද සිල්වා යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහභාගී වී ඇති අතර මන්ත‍්‍රීවරුන් පිරිස අලූත්ගම සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියට ගොඩවී දුම්රිය මැදිරිවල පහසුකම් පිළිබඳව නිරීක්ෂණය කරනු ලැබුවා. දුම්රිය බම්බලපිටිය දුම්රිය ස්ථානයට ළඟාවීමත් සමග ඉන් බැසගත් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පහසුකම් පිළිබඳවද නිරීක්ෂණයට ලක් කර මගීන්ගෙන්ද දුම්රිය සේවාවේ පහසුකම් පිළිබඳව විමසා ඇත.

අනතුරුව ඔවුන් මරදාන පිහිටි දුම්රිය මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී එහි සේවකයන් පිරිසක් මන්ත‍්‍රීවරුන් පිරිසට එරෙහිව විරෝධතාවක නිරත වී තිබේ.

විරෝධතාව අතරතුර තමන්ට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මුණගැසී සාකච්ඡුා කිරිමට අවශ්‍ය බව මන්ත‍්‍රිවරුන් ප‍්‍රකාශ කර ඇති අතර ඒ වෙනුවට දුම්රිය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අමිතා උදයකුමාරි මුණගැසී සාකච්ඡුා කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවයි දුම්රිය බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ. පසුව මන්ත‍්‍රීවරුන් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරිය සමග සාකච්ඡුාවක නිරතවී තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මන්ත‍්‍රීවරුන් පිරිස උද්ඝෝෂකයින් මගහැර දුම්රිය මූලස්ථානයේ පිටුපස දොරෙන් දුම්රිය පාලක මැදිරිය වෙත ගොස් ඇති බව වාර්තා වේ.

02

03

04

05

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>