අණ නොතකා ධාවනය වූ ලොරියේ මළසිරුරක්

null

පුත්තලම – ආඬිගම – කීරියන්කල්ලිය මාර්ගයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට ඊයේ රාත‍්‍රියේ පොලිසියෙන් වෙඩි තබා තිබේ.

ඊයේ (04) රාත්‍රී 10.00 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර වෙඩි තැබීමෙන් ලොරි රථයේ රියදුරුට බව කියන ආඩිගම – ගල්කුලිය පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය දිනේෂ් ප්‍රියශාන්ත සුළු තුවාල සිදුව තිබේ.

පසුව ලොරි රථය අත්අඩංගුවට ගෙන පරික්ෂා ලොරියේ පිටුපස කොටසේ මිය ගොස් ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවක් පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිවී තිබේ.

ඒ සම්බන්දයෙන් විමසා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මිය ගොස් ඇති අය විෂ ඇට වර්ගයක් ආහාරයට ගැනීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අයෙකු බවත්, අදාළ පුද්ගලයා රෝහල් ගතකිරීමට ලොරියේ රැගෙන යමින් සිටි බවත් ය.

විෂ ඇට වර්ගයක් ආහාරයට ගැනීම හේතුවෙන් මිය ගොස් සිටි තරුණයාගේ මළ සිරුර මුන්දලම දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>