අඬාහැලෙන ඇල්ල අසළින් පෙම් යුවළකගේ මළසිරුරු හමුවෙයි

null

ඇල්පිටිය පිටුවල අඩාහැලෙන ඇල්ල අසල තිබී තරුණ යුවළකගේ මළ සිරුරු හමුවී තිබේ. ඇල්ල අසල යතුරුපැදියක් දමාගොස් ඇති බවට ඇල්පිටිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුව කල විමර්ශණයකදී අද දහවල් 12 ට පමණ මෙම මළ සිරුරු දෙක සොයා ගෙන තිබේ.

මෙම තරුණයාගේ අවුරුදු 23ක් වන අතර තරුණිය අවුරුදු 18ක අයකු බව පැවසේ.

ඔවුන් දෙදෙනා නවදගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය – නවඳගල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් සහ යුද හමුදා සෙබලෙක්.

මෙම දෙදෙනා ප්‍රේමවන්තයන් බවට සැක කරන අතර ඔවුන්ගේ සිරුරු දින දෙකක් පමණ එම ස්ථානයේ තිබී ඇති බවට පොලිසිය සැක කරයි.

පසුගිය සිකුරාදා සිට මොවුන් අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ දෙමව්පියන් ඇල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබුණි.

මළ සිරුරු ආසන්නයේ තිබී වස බෝතලයක් ද පොලිසිය සොයාගෙන තිබේ.

මරණයන්ට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද ඇල්පිටිය රෝහලේදී සිදු කිරීමට නියමිතයි. ඇල්පිටිය පොලිසිය විමර්ශණ මෙහෙයවයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>