අඬාහැලෙන ඇල්ල ළඟින් හමුවූ පෙම්වතුන්ගේ මළසිරුරු ඝාතනයක් බවට හෙළිවෙයි
ගාල්ල – ඇල්පිටිය – අඬාහැලෙන ඇල්ල ප්‍රදේශයේදී වස පානය කර සියදිවි නසාගත් බවට වාර්තා වූ පෙම්වතුන් යුවළගේ මරණය ඝාතනයක් බවට මේ වනවිට අනාවරණ වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තරුණියගේ හිසට මොට ආයුධයකින් පහරදීමක් සිදුව ඇති බවත්, තරුණයාගේ ගෙළ සිරකර ඇති බවත් ය.
ඇල්පිටිය – අඬාහැලෙන ඇල්ල ප්‍රදේශයේදී පෙම්වතුන් යුවලක් වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවට ඊයේ උදෑසන පළමුව තොරතුරු වාර්තාවිය.
එම ප්‍රදේශයේ යතුරුපැදියක් දමාගොස් ඇති බවට තොරතුරක් ලැබුණු අතර ඒ අනුව සිදුකළ පරීක්ෂණයකදීයි මියගිය දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබුණි.
අශාන් ජයසංඛ නැමැති තරුණයා යුධ හමුදාවේ සේවයේ නිරතව සිට නිවාඩු පැමිණ පසුගිය 11වන දින නිවසින් පිටත්ව ඇත්තේ තමන් කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයට යන බව අවසන් වරට පවසමින්. අනූෂා ප්‍රියදර්ශනී තරුණිය අවසන් වරට නිවසින් පිටත්ව ගොස් ඇත්තේ අමතර පන්ති සඳහා යන බව සඳහන් කරමින් බවයි වාර්තා වෙයි.
ඔවුන් දෙදෙනා අතර මීට මාස හයකට පමණ පෙර සිට ප්‍රේම සම්බන්ධයක් පැවති බව නිවැසියන් පවසයි.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.