අතරමංවූ ජපුර සිසුන් පොලිසිය විසින් බේරාගනී

null

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් 400ක් පමණ බලංගොඩ ඉහළගලගම නාගල කන්දේ විනෝද චාරිකාවකට ගොස් අතරමංව සිටියදී බේරා ගැනීමට බලංගොඩ හා සමනළ වැව පොලීසි සමත්විය.

විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාගෙන් ලැබුණු පැමිණිල්ලක් මත මෙම සිසුන් බේරාගැනීමට ඊයේ (10) අලූයම් කාලයේදී හැකිව තිබේ. විශ්වවිද්‍යාලයේ අවසරයකින් තොරව මෙම විනෝද චාරිකාව සංවිධාන කර ඇති බව උප කුලපතිවරයා පොලීසියට දැනුම්දී ඇත.

අධික සීතලත් මීදුමත් ඇති දැඩි බෑවුම් සහිත මෙම කන්දට ගම්වාසීන් පවා නොයතියි කියති. බස් නවයකින් මොවුන් පැමිණ ඇති බවත් දිය සෙවෙල හා දිය පාරවල්ද සර්පයන්ද බහුල මෙම කන්දෙන් සිසුන් රැගෙන ඒම බරපතල අභියෝගයක් වු බව පොලීසිය කියයි.

බලංගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසංග මහතා මෙම මෙහෙයුමට නායකත්වය දුන්නේය.

සිසුන්ගේ තනි තීරණය මත මෙම විනෝද චාරිකාව සංවිධාන කර තිබු බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>