අත්අඩංගුවට ගත්තේ කොණ්ඩයාගේ සහෝදරයෙක්

null

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (03) අත්අඩංගුවට ගත් සැකකරු දැනට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ සහෝදරයෙකු බව පොලිසිය පවසයි.

සමන් ජයලත් නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශන කටයුතුවලදීයි. ඉකුත් අඟහරුවාදා රාත‍්‍රියේ මීගමුව ප‍්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝගයට අනුව පැය 72 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගනිමින් පරීක්ෂණ සිදුකරන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>