අත්අඩංගුවට ගත් හිරුණිකාට ඇප

null

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය විසින් ඇපමත නිදහස් කර තිබේ.

අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඇයගේ නිවසේදී මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගෙන මූලික ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව අලුත් කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 ක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර නඩුව යළි ලබන 12 වනදා කැදවීමට නියමිතයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් අදාල තරුණයා පැහැරගෙන ගොස් තිබූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිට පෙර හිරුණිකා ප්‍රේමවචන්ද්‍ර මහත්මියගේ සහයකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඇප මත මුදාහැරිමට අධිකරණය නියෝග කරන ලදි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>