අත් ට්‍රැක්ටරයට බිළිවූ කුඩා දරුවා

null

ආනමඩුව, ඌරියාය ප්‍රදේශයේ දි අත්ට්‍රැක්ටරයක් පෙරළීයාමෙන් සිදුවු අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (13) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඌරියාව – ස්වර්ණපාලිගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකි.

මෙම දරුවා මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්ට‍්‍රැක්ටරයේ නැග යාමට දෙමව්පියන්ගෙන් ඉල්ලීම් කර තිබෙන අතර ඊයේ (13) ඔහුගේ දෙමව්පියන් එම අවස්ථාව ලබාදුන්නේ දරුවාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසාවෙනි.

ඒ අනුව මෙම දරුවා ඥාතියෙකු සමග අත්ට්‍රැක්ටරයේ ගමන් කරමින් සිටිය දි එය පෙරළීමෙන් කුඩා දරුවා අනතුරට පත්ව ඇති බව සඳහන්ය.

එහිදී තුවාල ලැබූ එම දරුවා ආනමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

null
null
null
null
null

ඡයාරූප – හිරු නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>