අති දුර්ලභ ලේ වර්ගයක් ඇති කාන්තාවක් මාතරින්
ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු බිහි කල බව ම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය සඳහන් කරයි. අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම කාන්තාව තමන්ගේ ශරීරයේ පවතින්නේ අති දුර්ලභ රුධිර වර්ගයක් බව දැනගෙන ඇත්තේ, දරු ප්‍රසූතිය සදහා රෝහල් ගත කිරීමෙන් පසුව කරන ලද පරීක්ෂණවලදීයි.
අදාල පරීක්ෂණ වලින් පසුව එම කාන්තාව බොම්බේ ඕ පොසිටිව් ලේ වර්ගයට අයත් බව දැනගත් රෝහල් කාර්ය මණ්ඩලය වහා යුහුසුළු වී එම ලේ වර්ගය සෙවීමට පටන් ගෙන තිබේ. ඒ දරු ප්‍රසූතියේ දී ඇයට ලේ ලබා දීමට සිදු වුවහොත් දකුණු කලාපීය රුධිර බැංකුවේ එම ලේ වර්ගය නොමැති නිසාය. අවට රෝහල්වලින් ද ඒ ගැන විමසා තිබෙන අතර පසුව කොළඹ සොයිසා රෝහලේ තිබී බොම්බේ ඕ පොසිටිව් වර්ගයේ ලේ ලැබී ඇත.
එහෙත් එම මව සාමාන්‍ය ලෙස දරුවා බිහි කර තිබෙන නිසා අදාළ ලේ ඇයට ලබා දීමට අවශ්‍ය නොවූ බව වෛද්‍යවරු පවසන අතර මව සහ අගේ දරුවා නිරෝගී තත්ත්වයේ පසුවන බව වැඩිදුරටත් පවසා ඇත.
බොම්බේ ඕ පොසිටිව් ලෙස හැදින්වෙන මෙම රුධිර වර්ගයට හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකික පවුල් පහක් පමණක් වීම විශේෂත්වයක්.
Bless the child <3