අතුරුගිරියේ දරුවා ඝාතනයට අයෙක් අත්අඩංගුවට
අතුරුගිරිය කපුරුගොඩ දී දස හැවිරිදි දරුවකු කපා කොටා මරා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඒ අසල ගල්වැඩපොළක කම්කරුවකු බියගමදී අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අත්අඩංගුවට ගැනීමත් සමග අතුරුගිරිය පොලිසියට අසලට විශාල පිරිසක් එක්ව ඇතැයි ද වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු මියගිය දරුවාගේ භාප්පාට අයත් ගල්වැඩපළක කම්කරුවෙකු ලෙස සේවය කර ඇත.
දරුවා මරාදමා තිබූ පාළු නිවසේ ඔහු නවාතැන්ගෙන සිටි බවද පොලීසිය කියයි.
ඝාතනයට ලක්වූ දරුවා පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කවිඳු දේවින්ද කපුරුගේයි. ඔහුගේ උපන්දිනය ද ඊයේ (25) දිනට යෙදී තිබුණු අතර, ඒ නිසා ඔහු පාසල් ගොස් නැහැ.
ඊයේ(25) උදෑසන කාලයේ මෙම දරුවා නිවසේ රැඳී සිට ඇත්තේ තනිවමයි. පියා නිවසට පැමිණෙන විට ඔහු නොසිටි බැවින් අසල්වාසීන් සමග එක්ව අවට සෝදිසි කර තිබේ. සිරුර සොයා ගැනුණේ යාබද පාලූ නිවසක තිබියදීයි.