අතුරුගිරියේ දරුවා ඝාතනය කළ සැකකරු සොයා මෙහෙයුම්

null

පනාගොඩ – කපුරුගොඩ පාරේ පදිංචිව සිටි 10 හැවිරිදි දරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කරයි.

අතුරුගිරිය – පනාගොඩ – කපුරුගොඩ පාර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති වයස අවුරුදු 10 ක පිරිමි දරුවා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ ඊයේ පෙරවරු කාලයේදීයි.

අත් පා හිස වෙන් වී යන අන්දමින් කපාකොටා ඝාතනය කර තිබූ දරුවාගේ කැබලි කළ සිරුර පොලිසිය මගින් සොයාගෙන ඇත්තේ කවිඳුගේ පියාගේ බාල සොහොයුරාට අයත් ගල්වළක පිහිටි මුරකුටියක තිබියදී.

කවිඳු දේවින්ද කපුරුගේ නමැති දස හැවිරිදි මෙම දරුවා පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ පස්‌වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර ඔහුගේ පියා ගල්වළක සේවය කරන කම්කරුවෙක් බවයි වාර්තා වේ.

ගල්වළේ මුරකරු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයා අතුරුදන්ව ඇති අතර ඔහු මෙම ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය සැක පහළ කරයි. මෙම ඝාතනය කුමන හේතුවක්‌ නිසා සිදු කළේද යන්න මෙතෙක්‌ හෙළිවී නොමැත.

දරුවා ඊයේ පාසල් නොගිය නිසා පියා සමඟ නිවසේ රැඳී සිට ඇති අතර, මව වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් තිබුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන්. පසුව ළමයා පිළිබඳ විපරම් කිරීමේදී දරුවා නිවසේ නොසිටි බව දැනගත් පියා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඒ පිළිබඳව සොයා බලා තිබේ. එම අවස්ථාවේදීයි නිවස ආසන්නයේම පිිහිටි වසා දැමූ නිවසේ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ කවිඳුගේ සිරුර සොයා ගෙන තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>