27 Sep 2015
අතුරුගිරිය දරුවාගේ ඝාතකයා පාපොච්චාරණය කරයි
අතුරුගිරිය පනාගොඩ කපුරුගොඩ පාර ප්රදේශයේදී වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ප්රධාන සැකකරු ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පාපොච්චාරණයක් සිදු කර තිබේ.
දරුවාගේ පියා සමග කලක සිට පැවති පෞද්ගලික ආරවුලකට පළිගැනීම සඳහා තමන් මෙම ඝාතනය සිදු කළ බව සැකකරු පාපොච්චාරණය කර ඇත. සැකකරු සහ දරුවාගේ පියා කපුරුගොඩ ප්රදේශයේ ගල්වලක සේවය කර තිබේ.
ඝාතනයත් සමග සැකකරු ප්රදේශයෙන් පලාගොස් සිටි අතර අතුරුගිරිය පොලීසිය විසින් සැකකරු ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඇල්ලබේ ලියනගේ නොහොත් රේබ්රන් පෙරේරා නමැති 50 හැවිරිදි මෙම සැකකරු අද පෙරවරුවේ හෝමාගම මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.