අතුරුගිරිය දරුවාගේ ඝාතකයා ආයුධ පෙන්වන්න යද්දී කකුලක් කඩාගනියි
අතුරුගිරිය – පනාගොඩ – කපුරුගොඩ ප්‍රදේශයේදී 10 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරු ඊයේ පෙරවරුවේ සැකකරු ඔහු සේවය කළ කපුරුගොඩ ප්‍රදේශයේම පිහිටි ගල්වලට රැගෙන ගිය අවස්ථාවේදී සිදුවූ අනතුරකින් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තිස්ස පෙරේරා සඳහන් කළේ සැකකරුගේ පාදයක අස්ථි බිදීමක් සිදුවීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවයි.
අදාළ සැකකරු දරුවා ඝාතනය කිරීමට යොදාගත් මන්නයක් පෙන්වීම සඳහා පොලිස් ආරක්ෂාව යටතේ ඔහු සේවය කළ ගල්වල අසලට ඊයේ (27) උදෑසන රැගෙන ගොස් තිබෙන අතර එහිදි අදාළ සැකකරු පය ලිස්සා ඇදවැටී ඇති. එහිදී පෙරළුණු කළු ගලක් සැකකරුගේ කකුල මතට වැටීම හේතුවෙන් ඔහු මෙලෙස තුවාල ලබා තිබේ.
සැකකරු ලබන මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ, හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම සැකකරු කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.