අතුරුදන්වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ කොටස් හමුවේ

null

අභ්‍යන්තර ගුවන් ගමනක නිරත වෙමින් සිටියදී පැපුවා නිව් ගිනියාවට ඉහළ අහසේදී අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් කොටස් හමුවී තිබේ.

යානය අතුරුදන් වන විට එහි පුද්ගලයින් 54 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. ඉන්දුනීසියාවේ වේලාවෙන් පස්වරු 3ට පමණ යානය සමග පැවති සබඳතා ඇනහිටි බව එරට බලධාරීන් සඳහන් කර තිබේ.

ඉන්දුනීසියාවට අයත් පැපුවා නිව් ගිනියා කලාපයේ පිහිටි සෙන්ටානි ගුවන් තොටුපොලේ සිට ඔක්සිබිල් වෙත ගුවන් යානය පියාසර කරමින් තිබුණි.

ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කළේ කඩාවැටුණු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියාවට අයත් පැපුවා ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයකින් හමුවූ බවයි. කෙසේ නමුත්, එහි දිවි ගලවා ගත් කිසිවෙකු සිටි බව මෙතෙක් හෙළිදරව් වී නැහැ.

කඳුකර ප්‍රදේශයකදී යානය අනතුරට ලක්වී ඇත්තේ අයහපත් කාලගුණයක් පැවති අවස්ථාවකදියි. මෙම යානය වසර 27 ක් පැරණි එකක් බව සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>