අතුරුදන්වූ තුන් හැවිරිදි දැරිය 13km ඈත ගල් ගුහාවට ගිය හැටි තවමත් අභිරහසක්

null

නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු 3 ½ක දැරියක මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12ක පමණ මෙහෙයුමකින් අනතුරුව ඊයේ සොයාගෙන ඇත.

අතුරුදහන් වී සිටියදී සොයාගෙන ඇත්තේ කරුවලගස්වැව – පහරිය පදිංචිකාරයක් වන කිරිහෙට්ටිගේ දිනිති අහිංසා (අවු 3 ½ ) නම් වූ දැරියකි.

පෙරේදා පස්වරු 4 ට පමණ දැරිය මව සමඟ ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී නිවසින් පිටතට පැමිණ තිබේ. කෙසේ වෙතත් ඉන් ටික වේලාවකට පසු දැරිය නොමැති බව පවසමින් මව සහ අසල්වාසීන් ඒ පිළිබඳව සොයා බලා ඇති අතර, ඉන් අනතුරුවයි පොලීසිය දැනුවත් කර ඇත.

කෙසේ වෙතත් දැරිය සෙවීමේ නිරතවූ පිරිසට ඊයේ අලූයම නිවසේ සිට කිලෝමීටර් 13 ක් පමණ ඈතින් තබ්බෝව රක්ෂිතයේ සිටියදී දැරිය හමුවිය. පොලිසිය සඳහන් කළේ දැරිය රක්ෂිතයට ගිය ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නොමැති බවයි.

මේ වනවිට අදාළ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

පෙර පළවූ පුවත පහතින්…

අතුරුදන් වූ දැරියක් ගල් ගුහාවකින් හමුවෙයි

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>