අතුරුදන්වූ යානයේ මළසිරුරු හමුවෙයි

null

පුද්ගලයන් 162 සමඟ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානයේ ගමන් කළ මගීන්ගේ බවට සැක කෙරෙන සිරුරු 40 ක් බෝනියෝ දිවයිනට ආසන්න ජාවා මුහුදේ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද උදෑසන අදාළ මුහුදු ප‍්‍රදේශයේ එම ගුවන් යානයේ යැයි සැක කළ හැකි සුන්බුන් නිරීක්ෂණය වූ අතර අනතුරුව එහි සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. එහිදී ගුවන් යානයේ විය හැකි බවට සැක කරන හදිසි දොරටුවක්, ජීවිත ආරක්ෂක කබා කිහිපයක් සොයාගෙන ඇති බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.

පසුගිය 28 වන දා ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කළ AirAsia ගුවන් සමාගමට අයත් QZ8501 යානය ගුවන් ගත කර පැය කිහිපයක් ඇතුළත අතුරුදන් විය.

යානය අතුරුදන් වන අවස්ථාවේ එම ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්ත්වක් පැවත ඇති අතර යානයේ නියමුවා යානයේ ගමන් ගම වෙනස් කිරීම සඳහා පාලක මැදිරියෙන් අවසර ඉල්ලා තිබූ බව බලධාරීන් උපුටා දක්වමින් ඉන්දුනීසියා මාධ්‍ය වාර්තා කර තිබිණ.

null
null
null
null
null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>