අතුරුදන්වූ යානය ගැන හෝඩුවාවක්
ඊයේ (28) උදෑසන අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් දෙවන දිනටත් අද ආරම්භ කරනු ලැබුවේය. QZ8501 ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය අතුරුදන්වුයේ මගීන් 162 දෙනෙකු සමගයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කරන බවය.
මෙම ගුවන් යානය පිළිබඳ තොරතුරක් සොයා මේ වනවිට ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව විසින් ජාවා මුහුදේ ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් මේ දක්වා කිසිදු
සුන්බුන් කොටසක් හමුවී නොමැති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම මෙහෙයුම් කටයුතු සඳහා ඕස්ට්‍රලියාවේ සහ මැලේසියාවේ සහාය ලැඛෙන බවද සඳහන්ය.
එම මෙහෙයුම් කණ්ඩායම් සනාථ කර තිඛෙන්නේ මෙම ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කළ හැකි තොරතුරු තිඛෙන බවයි.
කෙසේ වෙතත් තවමත් එම මෙහෙයුම් ක්‍රියාත්මක අතර මේ වනතුරු යානයේ සුන්බුන් කොටස් කිසිවක් හමුවී නැති බවද වාර්තා වේ.