අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළසිරුර ඇලකින් හමුවෙයි

null

දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි මස්කෙළිය ඕල්ටන් වතුයායේ කින්කෝරා කොටසේ තරුණයෙකුගේ මළසිරුර ඇලක තිබිය දී ඊයේ සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ සුන්දරරාජ් විශ්වලිංගම් නැමති අවුරුදු 29 ක අවිවාහක තරුණයෙකි.

ඉකුත් 24 වැනිදා සිට ඔහු අතුරුදන්වී ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් මස්කෙළිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත පොලීසිය සහ ප්‍රදේශවාසීන් දින ගණනාවක් ඔහුව සොයා ප්‍රදේශයේ මෙහෙයුමක්ද ආරම්භකර තිබුණි.

මරණය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරික්‍ෂණය හැටන් වැඩබලන මහේස්ත‍්‍රාත් දමයන්ති ප‍්‍රනාන්දු මහත්මිය විසින් සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරික්‍ෂණය සඳහා මළසිරුර නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන්නැයි ඇය පොලිසියට නියෝග කර තිබේ.

මෙම තරුණයා මියයෑම ඝාතනයක් බවට පොලීසිය සැකකරන අතර වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

null
null
null
null

Pics – නෙත් නිව්ස් 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>