අතුරුදන්ව සිටි සිසුවාගේ සිරුර ගල්තලාවක

null

දින 5ක් තිස්සේ අතුරුදන් වී සිටි බවට වාර්තා වුණු 15 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මෘත දේහයක් බදුල්ල – උඩුවර වතුයායේ ගල් තලාවක් පාමුළ තිබී සොයාගෙන තිබේ.

පසුගිය 1 වන දා සිට ඔහු අතුරුදන්ව ඇති බවට දෙමාපියන් ඇල්ල පොලීසියට පැමිණිලි කර තිබුණි. පසුව සිදුකළ සොයා බැලීම්වලදී අඩි 500ක් පමණ උස ගල් තලාව පාමුල තිබී පසුගිය 5 වනදා පස්වරුවේ මෙම ළමයාගේ සිරුර සොයාගෙන ඇත.

සිරුර හමුවූ ගල් තලාව පාමුල තිබී සැක සහිත සිමෙන්ති උරයක් ද හමුවූ බව පොලිසිය පවසයි. ඔහු මිය ගිය ආකාරය සැකසහිත බැවින් ඒ පිළිබදව ඇල්ල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වලස්බැද්ද දෙමළ මහා විද්‍යාලයේ 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි විශ්ව මූර්ති සත්‍යධරන් නමැත්තෙක්.

null
null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>