අතුරුදන් වූ දැරියක් ගල් ගුහාවකින් හමුවෙයි
සිය නිවසින් අතුරුදන්ව සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් වනාන්තරයක පිහිටි ගල් ගුහාවක සිටියදී ඊයේ (29) පස්වරුවේ සොයාගෙන තිබේ.
මෙලෙස සොයා ගැනුනේ කරුවලගස්වැව පහරිය ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිති අහිංසා නමැති දැරියක්.
ඊයේ (29) සවස 3.30 ට පමණ මෙම දැරිවිය එක්වරම අතුරුදහන්වී ඇත. ප්‍රදේශවාසීන් මෙන්ම කරුවලගස්වැව පොලීසියද එක්ව ඇය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතත් සවස් වන තුරුම සොයා ගැනීමට නොහැකිවී ඇත. මේ අතර ප්‍රදේශයේ දේවාලයකට ගොස් දැරිවිය සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමට ඇයගේ වැඩිහිටියන්ට කටයුතු කර තිබෙනවා. එම දේවාලයේ සිටි අය පවසා ඇත්තේ මේ වන විට දැරිවිය මහා වනාන්තරයේ ගල් ගුහාවක් තුළ තනිවම සිටින බවත්, එම ස්ථානයට ගොස් කාන්තාවක් කථා කළහොත් පමණක් ඇය පිටතට පැමිණෙන බවත්ය.
ඒ අනුව තබ්බෝව අභය භූමියේ සැතපුම් 10 ක් පමණ වන ඝන වනාත්තයේ ඇති ගල් ගුහාවක් වෙත දැරිවිය සොයන කණ්ඩායම 30 වැනිදා අළුයම 3.30 ට පමණ ළඟා වී ඇත. කණ්ඩායමේ සිටි කාන්තාවක් විසින් දැරිවියගේ නම කියා කථා කළ විට ඇය ගල් ගුහාවේ සිට පිටතට පැමිණ ඇති බව පොලීසිය කියයි.
පසුව පොලිස් නිලධාරීන් සහ දැරිවිය සොයා ගිය කණ්ඩායම එක්ව ගල් ගුහාව සෝදිසි කර බැලුවද වෙනත් කිසිවෙකුත් එහි සිට නැත. වෙනත් කිසිවෙකු සිටි බවට සළකුණක් හෝ තිබී නැත.
තම නිවසේ සිට සැතපුම් 25 ක් පමණ දුරකින් මහ වනාන්තරය තුළ පිහිටි ගල් ගුහාවට කෙසේ පැමිණියාද යන්න හෙලි කිරීමට දැරිවිය සමත්වී නොමැති බව පොලීසිය කියයි. කිසියම් අදෘෂමාන බාලවේගයකින් දැරිවිය ඇය රැදී සිටි ගල් ගුහාව කරා යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කි‍්‍රයාත්මකයි.