අතුරුදහන්වු දැරියගේ මළසිරුර සොයාගැනේ

null

හොරණ, අඟුරුවාතොට වේරවත්ත ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි අවුරුද්දයි මාස නවයක් වයසැති දැරියගේ මළසිරුර නිවස අසල කළුගඟේ තිබියදී අද (04) උදෑසන සොයා ගෙන තිබේ.

ඒ නාවික හමුදා කිමිඳුම්කරුවන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියකදීයි. පොලිසිය පවසන්නේ ඇගේ මළසිරුර කළුගෙඟ් අතු ගංඟාවක පාවෙමින් තිබු බවයි.

දෙව්මිණි සෙව්වන්දි නමැති අවුරුද්දයි මාස නවයක් වයසැති මෙම කුඩා දැරිය අතුරුදහන් වුයේ ඊයේ පස්වරුවේදීය. දැරියගේ මව දැරියට බත් කවමින් සිට අත සෝදා ගැනීම සඳහා මුළුතැන්ගෙට ගොස් ඇති අවස්ථාවේ දැරිය අතුරුදන්වී තිබුණි.

දරුවා අතුරුදහන්වී ඇති බවට දෙමව්පියන් පොලිසියට කල පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කල අතර ඒ සඳහා පොලිස් නිල සුනඛ ගේ‍්‍රරෝගේද සහය ලබාගෙන තිබුණි.

ගේ‍්‍රරෝ නමැති නිල සුනඛයා දරුවාගේ ඇඳුමක් ඉව කිරීමෙන් පසුව දරුවා ගඟට වැටුණ ස්ථානය අසලට නතර වී තිබුණි. ඒ අනුවය, කළුගඟ ආශ‍්‍රිතව මෙම සෝදිසි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>