අතුරුදහන්වූ කිලිනොච්චි දැරියගේ සිරුර වෙල්යායකින් මතුවේ

null

පසුගිය ජුනි 21 වන දා කිලිනොච්චි – උරුත්තිපුරම් ප්‍රදේශයේ දී අතුරුදන් වූ බවට වාර්තා වුණු දැරියගේ බවට සැක කෙරෙන සිරුරක කොටස් එම ප්‍රදේශයේම වෙල්යායක තිබී ඊයේ (19) සොයා ගත් බව කිලිනොච්චි පොලීසිය පවසයි.

කිලිනොච්චි, උරුත්තිරිපුරම් හි වෙල්යායකින් දැරියගේ සිරුර සොයාගෙන ඇති අතර එය බොහෝ සේ නරක් වී තිබූ බව පොලීසිය පවසයි.

තුන් හැවිරිදි උදයකුමාර් යර්ෂිකා නැමති මෙම දැරිය අතුරුදන් වූයේ පසුගිය ජුනි 21 වනදා යි. දැරියගේ අතුරුදන් වීම ගැන මව පොලිසියට ප්‍රකාශ කර තිබුනේ දැරිය සමඟ දිය නෑමට ප්‍රදේශයේ ඇළ මාර්ගයකට ගිය අවස්ථාවේදි මව, යර්ෂිකා දැරිය එහි ඉවුරේ ගලක් මත තබා දියනා අවසන් වී ආපසු එන විට දැරිය අතුරුදන්ව සිටි බවයි.

ඒ අනුව එම දැරිය සොයා පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් ද විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කරන ලදී. එසේ වුවත් දැරිය සොයාගැනීමට නොහැකි වුයේ මවගේ පරස්පර විරෝධී ප්‍රකාශ නිසා බව පොලිසිය පවසයි.

පසුව ඇය පවසා තිබුණේ දැරිය තම අනියම් සැමියාට ලබාදුන් බවයි. ඒ අනුව මව සිදුකළ ප්‍රකාශයකට අනුව දැරිය සොයා පොලිස් කණ්ඩායමක් යාපනය බලා පිටත්ව ගියත් ඇය හමුවුණේ නැහැ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>