අතුරුදහන්වූ දැරිය සෙවීමට පොලිස් කණ්ඩායම් 6ක්

thamaraheshali

කුරුණෑගල – ගනේවත්ත – අඹකොලවැව ප‍්‍රදේශයේදී ඊයේ (09) අලූයම අතුරුදන් වූ අවුරුදු හතරහමාරක් වයසැති දැරිය සොයා පොලිස් කණ්ඩායම් 6ක් පරීක්ෂණ කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කර ඇත.

තමාරා හේෂලී විජේකෝන් නැමැති මෙම දැරිය ඊයේ අලූයම අතුරුදන්ව තිබුණේ සිය නිවසේ සොහොයුරා සමඟ නිදා සිටින විටයි. කිසියම් පිරිසක් නිවසේ ජනෙල් ආවරණය කර තිබූ ඉටිකොළ කපා දමා මදුරු දැලේද කොටසක් කපා ඇය රැගෙන ගොස් ඇති බව දෙමව්පියන් ප‍්‍රකාශ කරයි.

පෙරේදා (8) පෙරවරුවේ ප්‍රදේශයේ නිවසක් පිලිබඳ ව්පරම් කරමින් මෙම නිවසට පාපැදියකින් පැමිණි බව කියන සැකකටයුතු පුද්ගලයෙකු පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර නිවසේ දොරේ යතුරද අතුරුදහන්ව ඇති බව දැරියගේ මව්පියන් ප්‍රකාශ කරයි.

මෙය පැහැර ගැනීමක් බවට පොලීසිය සැක කරන අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>