අතුරුදහන්වූ දැරිය සොයා අදත් මෙහෙයුම්
හොරණ – අඟුරුවාතොට – වෙහෙරවත්ත ප්‍රදේශයේ තම මව සමග නිවසේ සිටියදී අතුරුදන්වූ අවුරුද්දයි මාස 9 ක් වයසැති කුඩා දැරිය සොයා අද (04) දිනයේ විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිසිය පවසයි.
මෙම දැරිය අතුරුදහන්ව ඇත්තේ ඊයේ (03) පස්වරු 2ට පමණයි. ඒ මව දැරියට කෑම කවා බීමට ජලය ගෙන ඒම සඳහා නිවස පිටුපසට ගොස් සිටි අවස්ථාවේය.
සුළු වේලාවකින් ඇය නැවත නිවස තුළට පැමිණෙන අවස්ථාවේ දැරිය එහි නොසිටි බව ඔවුන්ගේ පැමිණිල්ලෙහි දැක්වේ.
දැරියගේ නිවසේ එක් පසෙකින් කළුගඟ ගලා බසින අතර, අනෙක් පසින් මහාමාර්ගයක් තිබේ. දෙව්මිණි සෙව්වන්දි නමැති මෙම කුඩා දැරිය අතුරුදන්වී පැය 16 කට ආසන්න කාලයක් ගතවී තිබුණ ද මේ වනතුරුත් ඇය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා අද දිනයේ එම ප්‍රදේශයේ විශේහ්ස මෙහෙයුම කි‍්‍රයාත්මක කරන බවයි.