අතුරුදහන්වූ රිච්මන්ඞ් සිසුවා ගැන තවමත් තොරතුරක් නෑ

null

පසුගිය 12 වැනිදා අතුරුදහන් වූ ගාල්ල – කලේගාන ප‍්‍රදේශයේ පදිංචි රිච්මන්ඞ් විද්‍යාලයේ සිසුවෙකු වන අසෙල් මාලක පෙරේරා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබේ.

එදින ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තමන්ට තර්ජන එල්ල වන බව පවසා ඔහු කැළඹීමෙන් සිටි බව ඔහුගේ දෙමව්පියන් පවසයි.

12 වැනිදා රාත්‍රියේ පරිඝනකය භාවිතා කරමින් සිටි ඔහු හදිසියේම නිවසින් අතුරුදහන්වී තිබුණි.

මේ අතර අතුරුදහන්ව සිටින රාජගිරිය – හේවාවිතාරණ විදුහලේ විදුහල්පතිවරයා සොයා දෙන්නැයි ඉල්ලා එම පාසලේ දරුවන්ගේ දෙමව්පියන් සහ ගුරුවරුන් ඊයේ (21) උදෑසන එම පාසල ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.එන්.චිත‍්‍රපාල පසුගිය බදාදා උදෑසන සිට අතුරුදන්වී ඇති අතර ඔහු පිළිබදවද මෙතෙක් තොරතුරක් නොමැති බව වාර්තා වේ.

පෙර පළවූ පුවත පහතින්.

ෆේස්බුක් බියවැද්දීම් හමුවේ අතුරුදහන්වූ සිසුවා

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>