අතුරුදහන්ව සිට නැවත පැමිණි විදුහල්පතිගේ අභිරහස

null

දින 5 ක් අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඊයේ රාත‍්‍රියේ 9ට පමණ යළි ඔහුගේ නිවසට පැමිණ තිබේ. ඒ ඔහු වාසය කල ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ නිවසටයි.

පොලිසිය පැමිණ ප්‍රශ්න කරද්දී විදුහල්පති චිත්‍රපාල නගසිංහ මහතා පවසා ඇත්තේ තමන්ට කිසිවක් මතක නැති බවයි. ඉන්පසු ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්.ඒ.කේ. ගමගේ පවසන්නේ මේ වනවිට රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන මෙම විදුහල්පතිවරයාගේ බාහිර තුවාල කිසිවක් දක්නට නොමැති බවයි.

පසුගිය 19 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පාසලේ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබු අතර එදින උදෑසන සිට විධුහල්පතිවරයා අභිරහස් ලෙස අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් වෙනුවට අළුත් ඇඳුම් ඔහු පැමිණි සිටි අවස්ථාවේ ඇඳ සිට තිබේ. නමුත් ඒවා ලැබුණු ආකාරය පිළිබඳව ඔහුට පිළිතුරු දීමට නොහැකිව තිබේ. එමෙන්ම ඔහුගේ යතුරු පැදියට සිදුවූ දෙයක්ද නොමැත.

කෙසේ වෙතත් ඔහු පොලිසියට පවසා ඇත්තේ එදින උදෑසන සිදුවූ කිසිවක් තමන්ට මතක නැති බවත් තම දැඩි නින්දක සිටියදි සොහොයුරාගේ පවුලේ උදවිය සිහිනයෙන් දැක හදිසියේ අවදිවූ බවත් එවිට තමන් සිටියේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසල ගසක් යට බවත්ය.

ඔහු ළඟ තිබු පොළොන්නරුවේ සිට කොළඹට පැමිණි බස් ටිකට් පත සහ මුදල් පසුම්බිය ද පොලිස් බාරයට ගෙන තිබේ.

පැයක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කළත් ඔහුගේ අතුරුදන්වීමට හේතු කිසිවක් සොයා ගත නොහැකි වූ බව පොලිසිය පවසයි. විදුහල්පතිවරයා තමන්ට සිදුවූ දේ අමතක බව පවසන්නේ කිසියම් තර්ජනයකට බියෙන්ද යන්න ගැන සැක මතුව තිබේ.

null
null
null

ඡයාරූප – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>