අදත් වවුනියාවේ හර්තාල් – පොලිස්පති යාපනයට

null

කයිට්ස් පුංකුඩතිව් මහා විද්‍යාලයේ දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් වවුනියාව නගරයේ ද වෙළෙඳසැල් සියල්ල වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

වෙළෙඳසැල් ඉදිරිපිට සහ නගරයේ ස්ථාන රැසක කළු කොඩි ඔසවා තිබෙන අයුරු දක්නට තිබෙන බවද සඳහන්. සිද්ධියට විරෝධය පළ කරමින් අද (21) උදෑසන විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීමට සැලසුම් කර තිබුණ අතර පොලිසිය මැදිහත් වීමෙන් එය විසුරුවා හැර තිබේ.

මේ අතර ඊයේ යාපනයේ ඇතිවූ කලබලකාරී තත්වය සම්බන්ධයෙන් තොරතුරු විමසා පොලිසියට උපදෙස් දීම සඳහා පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා යාපනයට ගොස් තිබේ.

ඊයේ යාපනයේ උසාවිය ඉදිරිපිට ඇතිවූ විරෝධය හේතුවෙන් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කල අතර කලහකාරී ලෙස හැසිරුණ 127 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

එහිදී පොලිස් නිලධාරීන් 6 දෙනෙකු ද තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>