අද අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට අවස්ථාව

null

මෙම වසරේ ඇතිවීමට නියමිත චන්ද්‍රග්‍රහණ දෙක අතරින් පළමුවැන්න අද සිදුවීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වාසීන්ට ද දැක බලාගැනීමේ අවස්ථාව ලැබේ.

අග්නි දිග ආසියාවට පූරණ චන්ද්‍රග්‍රහණයක් සේ දිස්වන වන මෙම ග්‍රහණයේ අවසන් කොටස නැගෙනහිර ක්‍ෂිතිජයෙන් සඳු උදාවන අවස්ථාවේ සිට ප.ව. 7.15 තෙක් ශ්‍රී ලංකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සේ දිසවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා වාසීන්ට මෙය දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසයි.

නිවේදනයක් නිකුත් කරන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව හෙට සවස 5.00ට පමණ සිදු වන අතර එම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අපහසු බව ය.

නමුත් චන්ද්‍රග්‍රහණයේ අවසාන භාගය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස රාත්‍රී 8.00 පමණ වන තෙක් දැක ගත හැකි වේ. අද සවස 5.47ට චන්ද්‍රයා උදාවන අතර පැහැදිලි ක්ෂිතිජය පවතින විට එම මොහොතේ පටන් රාත්‍රී 8.00 වන තෙක් අර්ධ චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කළ හැකි ය.

මෙම ග්‍රහණය හොදින්ම දිස්වනුයේ උතුරු අමෙරිකාව, අග්නිදිග අසියාව, නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව ආශ්‍රිත රටවලටය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>