අද කොළඹ මැයි රැළි 17ක් පැවැත්වේ

null

ජාත්‍යන්තර මැයි දිනය නිමිත්තෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දිවයිනේ විවිධ ප්‍රදේශ වල අද මැයි දින රැළි සහ මැයි දින පෙළපාලී සංවිධානය කර තිබේ.

කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන මැයි දින රැළි සහ පෙළපාළි 17ක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ප්‍රධාන මැයි රැළිය එක්සත් මිනිසුන්ගෙන් පිරුණු රටක් තේමාව යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැයි රැළිය වැඩබිමට ජවයක් සිරිලකට සවියක් යන්න තේමා කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණ මැයි රැළිය වැඩ කරන ජනතාවගේ ගැටළු විසඳන තේමා 05 ක් මුල් කරගනිමින් කොළඹ බී.ආර්.සී. පිටියේදී පැවැත්වේ.

ඊට අමතරව තවත් දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති කිහිපයක් මැයි දින රැළි සංවිධානය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>