අද ජිනීවා හිදී ලංකාව ගැන තවත් යෝජනාවක්

null

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් හයිබි‍්‍රඞ් අධිකරණයක් නොව දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට සහාය පළ කෙරෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (24) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සඳහා රටවල් බොහෝමයක සහාය ලැබෙනු ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (23) පැවැත් වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසා තිබේ.

අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට ද හිමිවෙයි.

එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා හෝ ඔහුගේ නියෝජිතයෙකු එම කරුණු දැක්වීම සිදුකරනු ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>