අද තරඟයේ ජය නවසීලන්තයට
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ සිව් වන තරඟය නවසීලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර තරඟයෙන් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වී තිබේ.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 393ක් රැස්කරන ලදී.
එහිදී විශිෂ්ට පිති හරඹයක නිරවු මාර්ටින් ගප්ටිල් පන්දු 163කදී නොදැවි ලකුණු 237ක් ලබා ගැනිම විශේෂත්වයකි. එම ඉණිමට 6පහර 11ක් සහ 4 පහර 24ක් ඇතුළත් විය.
එය ලෝක කුසලාක ක්‍රිකට් තරඟාවලියකදී ක්රීඩයකයකු ලබාගත් ඉහළම ලකුණු සංඛාවද වෙයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 30යි පන්දු 3ක් අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ සියලූම ක්‍රීඩකයන් දැවී ලකුණු 250ක් පමණයි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත අනෙක් කණ්ඩායම් වන්නේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාවයි.