අද දකුණු මුහුදට වැටෙන ආකාෂ වස්තුව
අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක යැයි සැක කෙරෙන කැබැල්ලක් අද (13) පෙරවරු 11.45 ට පමණ ශී‍්‍ර ලංකාවේ දකුණු මුහුදට කඩා වැටීමට නියමිතය.
එම ආකාශ වස්තුව නම් කර ඇත්තේ ඩබ්ලිව් ටී 1190 යි එෆ් යන නමින්.
අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක කැබැල්ලක් මෙලෙස පතිතවීමට නියමිත බව පැවසෙන අතර එය 1960 – 70 සමයේ චන්ද්‍රයා වෙත යවන ලද ඇපලෝ යානයක කොටසක් බවට ද විද්‍යාඥයින් විශ්වාසය පළ කරයි.
පවතින තත්ත්වය සලකා අදාළ අකාශ වස්තුව කඩාවැටෙනු ඇතැයි සැක කෙරෙන මුහුදු ප්‍රදේශය සහ ඒ ආශි‍්‍රත ගුවන් ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කිරිමටයි තීරණය කර ඇත.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි සියලු ධීවරයින් දැනුවත් කර ඇති බව ධීවර සහ ජලඡ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
කෙසේවෙතත් පෘථිවි වායුගෝලයේදී එම ආකාෂ වස්තුවේ වැඩි කොටසක් දැවී යන අතර ඇතැම් විට පෘථිවියට පතිතවන්නට පෙර එය සම්පූර්ණයෙන් ම දැවී අවසන් වීමට ද හැකියාව පවතින බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
කෙසේවෙතත් මෙම ආකාශ වස්තුව කඩාවැටීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නැතැයි ද ඔවුන් සඳහන් කරයි.
මේ අතර මෙම ආකාෂ වස්තුව තංගල්ල ප්‍රදේශයේ සිට නිරීක්ෂණය කිරීමට ග්‍රහලෝකාගාරය කටයුතු සූදානම් කර තිබේ.