27 Sep 2015
අද දුර්ලභ ගණයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්
බිනර පොහොය යෙදෙන අද දිනයේ රාත්‍රී කාලයේ දී දුර්ලභ ගණයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇති වන බව තාරකා විද්‍යාඥයින් පවසයි.
මෙම චන්ද්‍රග්‍රහණය පැහැදිලිව දිස්වන්නේ උතුරු සහ දකුණු අමෙරිකාවට, යුරෝපයට, අප්‍රිකාවට, බටහිර ආසියාවේ එක් කොටසකට සහ නැගෙනහිර පැසිෆික් කලාපයටයි. චන්ද්‍රග්‍රහණය පැයයි විනාඩි 11ක් දිස්වනු ඇති.
කෙසේ වෙතත් මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන බවයි ශ්‍රී ලංකා තාරකා විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති ආචාර්ය කාවන් රත්නතුංග මහතා සඳහන් කරයි.
බිනර පොහොය යෙදී ඇති අද දිනයේදී වෙනත් පොහොය දිනයන්ට වඩා සියයට 17 ක විශාලත්වයකින් හා සියයට 30 ක දීප්තිමත් භාවයකින් යුක්තව චන්ද්‍රයා දිස්වනු ඇති. අමෙරිකානු නාසා ආයතනය පවසන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ වසර 30 කට පසුව බවයි. මේ අයුරින් සඳ දිස්වීම සුපර් මූන් ලෙස හැඳින්වේ.