30 Jul 2015
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්
වැටුප් වර්ධක ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරන්, නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි 11 ක සේවකයින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අද උදෑසන සිය වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු ශ්‍රේණි රැසක සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධව මෙතෙක් පිළිගත හැකි විසදුමක් ලැබී නොමැති බවත්, ඒ පිළිබඳව බලධාරීන්ට දැනුම් දුන්න ද ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් හෙතෙම පවසයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.