අද සිට යතුරුපැදිකරුවන්ට එරෙහිව දැඩි නීති

null

යතුරුපැදිකරුවන් සඳහා වන නීති අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ මාර්ග රිය අනතුරු අවම කිරීම මෙහි අපේක්‍ෂාව බවයි.

ඒ අනුව අද (10) සිට දැඩිව බලපැවැත්වෙන නීති පහතින්…

01. ආරක්ෂක හිස්වැසුම් නොමැතිව ගමන් කිරීම.
02. ආරක්ෂක හිස්වැසුමේ නිකට පටි නිසි ලෙස තද නොකර ගමන් කිරීම.
03. වර්ණ සහිත වයිසර් සහිත ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම.
04. ඉදිරිය අපැහැදිලිව තිබියදී වාහන ඉස්සර කිරීම.

මෙම වැරදි සිදුකර හසුවන යතුරුපැදිකරුවන්ට දඩ නියම කිරීමට හෝ නඩු පැවරීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැක්වූ අදහස් පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>