අද සිට ලෝකයේම වෙලාව වෙනස්වෙයි
දිනකට තත්ත්පර 86400ක් තිබුණද අද සිට එයට තවත් තත්ත්පරයක් එකතු වන බව නාසා ආයතනය විසින් පෙන්වා දෙයි. පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව හෙට සිට දිනකට ඇති තත්පර ගණන 86401 ක් වනවා. පෘථිවියේ භ‍්‍රමණයට අනුව කාලය සැකසීම නිවැරදි කිරීම සඳහා නාසා ආයතනය විසින් මෙම පියවර ගෙන තිබේ. නිවැරදි කාලය මැන බැලීම සඳහා දාහතර ලක්ෂයකින් තත්ත්පරයකට නිවැරදි සිසීයම් ඔරලොසුවක් නාසා ආයතනය විසින් භාවිතා කරනු ලබයි.
පෘථිවියේ භ‍්‍රමණය ඉතා මද ලෙස මන්දගාමී වන අතර එය නිවැරදි කිරීම මෙලෙස වරින් වර කාලය එකතු කිරීම් සිදුවන අතර අද දිනයේ සිදුවන වෙනස්කම වර්ෂ 2000 සිට සිදුවූ 4 වන වෙනස්කම ලෙස සැලකිය හැකිය.
ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 11 යි විනාඩි 59 යි තත්ත්පර 60 ටයි ජූලි පළවනදා උදාවෙයි.
මෙයට හේතුව පැහැදිලි කරමින් නාසා ආයතනය නිකුත් කල වීඩියෝව පහතින්…