අද සිට සිමෙන්ති කොට්ටයක් රු. 870
අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක උපරිම විකුණුම් මිල රුපියල් 870ක් දක්වා අඩු කිරීමට අදාළ සමාගම් පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
සිමෙන්ති නිෂ්පාදන ආයතන සමග කළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් මෙම එකඟතාවට පැමිණ තිබෙන අතර කර්මාන්ත ශාලාවලින් ඝෘජුව ම සිමෙන්ති මිල දී ගන්නා පාරිභෝගිකයින්ට විශේෂ සහනයක් සැලසීමට ද නිෂ්පාදන ආයතන හිපයක් එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිෂ්පාදිත කම්හල් වෙතින් රු.770/- කට සිමෙන්ති බෑගයක් ලබාගැනීමට දැන් අවස්ථාව ලැබී ඇති බවයි. එසේ ලබාදීමට එකඟ වන කර්මාන්ත ශාලාවලින් තමාගේම ප්‍රවාහන විධියක් යොදාගෙන එම සිමෙන්ති ලබාගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.